ශ්රී ලාංකික අපේම Operating System එකක්
ශ්රී ලාංකික අපේම Operating System එකක්
Cylon Linux නාමයෙන් හදුවන ලංකීය උරුමයකට හිමිකම් කියන ප්රථම ශ්රී ලංකික ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මේ වන විට නිකුත් වී ඇත.අවුරුදු ගනනාවක අත්දැකීම් මුසු කරමින්, පුරා මාස ගනනාවක් මුළුල්ලේ මෙහි නිෂ්පාදකයන් විසින් මෙහි නිපදවීම් කටයුතු වල නියැලී සිටියහ. ඒ අනුව සම්පූර්ණ මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලයට සාර්ථකය මුදා හැර තිබේ. එය ලාංකීය සමාජයට බෙහෙවින්ම ගැලපෙන ආකාරයට විශේෂාංග බොහොමයක් ඇතුලත් කරමින් ඔබ අතට පත්කර ඇත.
ලාංකිකයා ලිනක්ස් මෙහෙයුම් පද්ධති පරිශීලණයෙන් ඈත්වන්නේ එහි තිබෙන දෝෂ නිසානම් නොවෙයි. භාවිතය ගැන නොදැන සීටිම සහ, හරියාකාර මඟපෙන්වීමක් නොමැති වීම නිසාමයි. ඔබ මීට පෙර Redhat/Debian ලිනක්ස් පාධක සංස්කරණ පරිහරණය කර තිබෙන්නට පුළුවන. Linux මෙහෙයුම් පද්ධතියක් ජීවිතේට පරිහරණය නොකරපු අයද අප අතර බහුලව සිටී. ඔබ කවුරු වුවත් ඔබ සැමට, තම එදිනෙදා වැඩකටයුතු වල පහසුවෙන් නිරත වීමට හැකි වන පරිදි දැනට ලොව භාවිතාකරන ප්රචලිතම නිදහස් මෘදුකාංග අඩංගු කර Cylon Linux නිපදවා තිබේ.
ලිනක්ස් මෙහෙයුම් පද්දතියේ බොහෝ දේ නොමිලයේ ලබා දෙන අතර එය භාවිතයේදී ඔබට Licen Agreement එකක් සමග එකඟ වීමට නොමැත.
ලිනක්ස් මෙහෙයුම් පද්දතියේ බොහෝ දේ නොමිලයේ ලබා දෙන අතර එය භාවිතයේදී ඔබට Licen Agreement එකක් සමග එකඟ වීමට නොමැත.
මෙය ලාංකීය මෘදුකාංග අතුලත් ප්රථම ශ්රී ලාංකික මෙහෙයුම් පද්ධතියයි. මෙයට වෛරස් වැනි විනාශකාරී වැඩසටහන් වලින් භාධාවක් ඇති නොවේ. පරිශීලය බෙහෙවින්ම පහසු ආකාරයට නිර්මාණ කර තිබේ. පරිගණකයේ වේගය අඩපන වීමත් ඇති නොවේ. වැඩතල හතරක ක්රියාකිරිමේ පහසුකම හිමිවේ. ක්රැක් සහ බිද වැටීම් නොමැති, යෙදවුම් මෘදුකාංග 100කට වැඩි එකම මෙහෙයුම් පද්ධතියයි. මෙය ඔව්න් විසින් නිර්මාණය කරනු ලැබුයේ ලංකීය සමාජයට හාත්පසින්ම ගැපනෙ ආකාරයටයි. මෙහිදී මූලික තැන දුන්නේද ලංකීය ලින්ක්ස් පරපුරට අලුතෙන් එකතුවන ඔබ සදහාමයි.
මෙය නොමිලේ Download කරගැනීමට පුළුවන. ඒ සදහා පහත Link එක භාවිත කරන්න.
[